ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට වැරදිකරුවෝ වෙති


(මනෝප්‍රිය ගුණසේකර)

පසුගිය ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 600ක් වටිනා සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනා වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(7) තීරණය කළේය.

ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරන දඬුවම් සම්බන්ධයෙන් තවත් සුළු මොහොතකින් තීරණයක් දීමට නියමිතය.