ලලිත් - අනූෂ බන්ධනාගාර රෝහලට


(ජයන්ත සමරකෝන්)

පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීමකට වැරදිකරුවන් වී සිරගෙට නියමවූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට අද(8) දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරිණි.

ඔවුන් දෙදෙනාටම ඇති දියවැඩියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළු කෙරුණු බව බන්ධනාගාර ආරංචි පවසයි.

ඒ අනුව ඔවුන් අද දහවල් වැලිකඩ බන්ධනාගාර රෝහලේ තුනේ වාට්ටුවට ඇතුළු කරනු ලැබූ අතර මීට පෙර සිර දඬුවම් නියම වූ දුමින්ද සිල්වා, වාස් ගුණවර්ධන, රිමාන්ඩ් භාරයේ සිටින සරණ ගුණවර්ධන ආදී ප්‍රබලයන් කිහිප දෙනෙක් ද එම වාට්ටුවේ ප්‍රතිකාර ලබති.