ලක්ෂ 20 ක රන්බඩු සමග අයෙක් දැලේ


(අමල් වික්‍රමරත්න)

ලක්ෂ 20 කට ආසන්න රන් බඩු ඇතුළු විදුලි උපකරණ සොරාගත් පුද්ගලයකු සොරාගත් රන්බඩු තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට හබරාදුව පොලිසියට සමත්වී  ඇත.

ඉකුත් වැල්ලේ දේවාල උත්සව සමයේ  සිය සොහොයුරා සමග වැල්ලේ දේවාලයේ පෙරහැරට පැමිණ සොහොයුරා  පෙරහැර අවසන් වී පැමිණෙන තුරු උණවටුන හා ඒ ආසන්න ප්‍රදේශයේ වසා ඇති  නිවෙස්  සොයමින් ගොස් නිවෙස්වල දොරවල් කඩා ඇතුල්වී මෙම සොරකම්  සිදුකර ඇතැයි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.කේ.පි.උදයකුමාර මහතා පවසයි.

මෙම පුද්ගලයා වයස අවුරුදු 06 දී මහණවී අවුරුදු 18 දී සිවුරුහැර  යුද හමුදාවට බැදී තිබේ. පසුව ඉන් නීත්‍යානුකුලව ඉවත්වී කුලීවැඩ කරමින් සිට ඇති ඔහු අවුරුදු 24 දෙදරු පියකු බවද පොලිසිය පවසයි. සිද්ධිය   පිළිබඳ තවදුරාටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් ගාල්ල අම්බලන්ගොඩ සහ පුත්තලම ආදී ප්‍රදේශවල බැංකු වල මොහු රන් අබරණ උකස් තබා ඇතැයිද වාර්තාවේ.