(ටී.කේ.ජී.කපිල)
රුපියල් විසි හය ලක්ෂ පනස් දෙදහසක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට තැත් කළ පුද්ගලයකු (54) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ඇමෙරිකානු ඩොලර් 10,000 ක් සහ ජපාන යෙන් 11,00,000 ක් සඟවා ගෙන තිබු බව කියයි.

