අනිද්දා(13දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩල සේවක වැඩවර්ජනයට එක් නොවන බව ලංවිම විදුලි අධිකාරිවරුන්ගේ සංගමය සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලයක් පුරාවට පැවති වැටුප් විෂමතාව ඇතුළු ගැටළු සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යෝජනා කළ විසදුම් තුළ සාධනීය ලක්ෂණ ඇති බැවින් මෙම තීරණය ගත් බව එම සංගයම පැවසීය
එමෙන්ම ලංවිම සැලසුම් ශිල්පීන්ගේ සංගමයද මෙම වැඩවර්ජනයට එක්නොවන බවද සඳහන් කර තිබේ.

