රේගු අධ්‍යක්ෂට නොතීසි


නිමන්ති රණසිංහ 
            
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවක සාක්කි ලබා දීම සඳහා ඔක්තෝබර 09 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද  රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතාට නොතීසි නිකුත් කළේය.
 
ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කළ බවට    ශෂී වීරවංශ මහත්මියට චෝදනා එල්ල වී තිබේ.
 
චූලානන්ද පෙරේරා මහතා ආගමන විගමන පාලක ලෙස මීට පෙර කටයුතු කළේය.