( තිළිණි ද සිල්වා )
නීතිවිරෝධීව එකලස් කර සැකසූ වාහනයක් නිර්ව්‍යාජ වාහනයක් ලෙස හැඟවීමට වෙනත් වාහනයක ලියාපදිංචි සහතියක් ඉදිරිපත් කළ බවට අධි චෝදනා ලැබ සිටි විත්තිකාර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හා ව්‍යාපාරිකයකු වන නලින්ද ජගත් කුමාර ලියනගේ නැමැත්තන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (25) තීන්දු කළේය.
මෙම නඩු විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අතර එහිදී විනිසුරුවරයා විසින් එම තීන්දුව ලබා දෙන ලදී.
මෙහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම සාක්කිකරුගෙන් පැමිණිල්ලේ සාක්කි කැඳවීම අවසන් කරන බවය.

