රටේ තුනෙන් එකක වකුගඩු ලෙඩ - ජනපති


දයාරත්න ඇඹෝගම

රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක වකුගඩු රෝගය පැතිර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරොව්පොතාන රිටිගහවැව ගම්මානයේදි අද පැවසීය.

වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩ සටහන යටතේ හොරොව්පොතාන රිටිගහවැව ගම්මානයේ ඉදිකළ 250 වැනි  ආරක්ෂිත ජල පද්ධතිය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේබව පැවසීය.

‘වකුගඩු රෝගීන් පිළිබඳව    රටේ විශාල උනන්දුවක් ඇතිවුණා. රෝගින් සංඛ්‍යාව වැඩිවීමත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිකාර අංශ ශක්තිමත් කිරිමත් , ඒ වාගේම රෝ නිවාරණ අංශ ශක්තිමත් කිරිමත් මේ කියන කරුණු පදනම් කොට ගෙන පසුගිය අවුරුදු 25 කට වැඩි කාලයක් සැම රජයක්ම විවිධ ව්‍යපෘති රාශියක්ම සැළසුම් කළා..

වැඩ සටහන් කොතෙක් ක්‍රියාත්මක කළත් ඒ තුල සිදුවන සේවාවන්වල  අඩුපාඩුකම් රාශියක් තිබුණු බව අපට පෙනී ගියා. ඒ දුර්වල තාවයන් සහ අඩුපාඩුකම් මග හැරිමටත් වකුගඩු රෝගින් වෙනුවෙන් ප්‍රතිකාර ශක්තිමත් කිරිමත් සඳහා ජනාධිපති විශේෂ කාර්යංශයක් ඇති කළා.  

මේ වකුගඩු රෝගය ප්‍රථමයෙන්ම හැඳින් වුයේ රජරට වකුගඩු රෝගය කියලයි. දැන් අවුරුදු හතරක පහක සිට රජරට වකුගඩු රෝගය කියන එක වෙනස් කරන්න සිදුවි තිඛෙනවා. අද රටේ තුනෙන් දෙකක ප්‍රදේශයක් තුල මේ වකුගඩු රෝගය පැතිරිලා තිඛෙනවා. රටේ තුනෙන් එකක ප්‍රදේශයක තමයි මේ සම්බන්ධයෙන් ඉතා අවම ලෙස වාර්තා වෙන්නේ.