මොරටු නාගරික කොමසාරිස්ට විරෝධතා ගොනු කරන්න දින



(රේඛා තරංගනී ෆොන්සේකා)  

මොරටුව නාගරික කොමසාරිස්වරයාට එරෙහිව අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දිනයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුව ඔක්තෝබර් 2 වැනි දා අධිකරණයේ පෙනී සිට විරෝධතා ගොනු කරන ලෙස මොරටුව අතිරේක දිසා විනිසුරු කනිෂ්ක විජේරත්න මහතා අද (28) නියෝග කළේය. 

ජනතා පරමාධිපත්‍ය රජය විසින් උල්ලංඝණය කරමින් ජනතා නියෝජිතයින් පත් කර නොමැති තත්වය මත වාර්ෂිකව අයවැය ඉදිරිපත් නොකර මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට විරුද්ධව මොරටුව පුරවැසියන් හතරදෙනෙක් මෙම පෙත්සම ගොනු කැරිණි.

කරුණු සැලකිල්ලට ගනිමින් පසුගිය ජුලි 17 වැනි දා කෙමසාරිස්වරයාට අතුරු තහනම් නියෝග නොතිසි දිසා විනිසුරැවරයා විසින් නිකුත් කරනු ලැබු අතර ඒ අනුව අද ඔවුන් විරෝධතා ගොනු කිරීමට  දිනයක් ඉල්ලනු ලැබීය. 

පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් නිතිඥ මධුරංග විජේරත්න මහතාගේ උපදෙස් මත නිතිඥ ආර් මනෝජ් ගමගේ මහතා පෙනී සිටි අතර විත්තිකාර පාර්ශවය වෙනුවෙන් නිතිඥ ගීතා ශ්‍රීපයානන්ද මහත්මිය අධිකරණය හමුවේ කරැණු දක්වනු ලැබීය.