(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන 30 දෙනකු පමණ ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අද(26) පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
වීසා නොමැතිව කන්කසන්තුරයේ රැඳී සිටියදී මීට පෙර මොවුන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයට බාරදෙනු ලැබ ඇති අතර පසුව මිරිහාන රැඳවුම් භාරයේ සිට සිටියදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් ගල්කිස්සේ පදිංචි කරවා ඇතැයි පොලිසිය කියයි.
අද එම ස්ථානයට ගිය භික්ෂූන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයක් කිරීම හේතුවෙන් ඔවුන් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.

