මැදිරිගිරියේ වේල්ලක් කපද්දී බුදු පිළිමයක් මතුවෙයි


(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය කවුඩුලුවැව වාන් ඇල මාර්ගයේ විජයරාජපුර ප්‍රදේශයේදී ආරක්ෂිත වේල්ලක් ඉදිකිරීම සඳහා පස් කපමින් සිටියදී ඊයේ සවස 5ට පමණ පස්වලින් වැසී තිබූ අඩි 6ක් පමණ උස හිටි පිළිම වහන්සේ නමක් හමු වී ඇති බව මැදිරිගිරිය පොලිසිය කියයි.

ට්‍රැක් 09 ප්‍රදේශයේ අංක 119 විජයරාජපුර ග්‍රාමය හරහා ගලා යන කවුඩුලුවැවෙහි වාන් ඇල මාර්ගය පිටාර යාමත් සමග එම පෙදෙසේ භූමි ප්‍රමාණයක් ජලයෙන් යට වීම හේතුවෙන් විහාරමාවත බෙදුම්ඇල ගොවි සංවිධානයේ ඉල්ලීමකට අනුව පොලොන්නරුව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් මෙම ව්‍යාපෘතිය පසුගිය අගෝස්තු මස 02 වන දින ආරම්භ කොට ඇත.

එදින සිට මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදු කරමින් යන අතර තුර ඊයේ සවස බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුට පස් කපමින් සිටින අතරතුර මෙම පිළිම වහන්සේ හමු වී තිබේ.

පස් කපන අවස්ථාවේදී ඔහුට බුදු පිළිම වහන්සේ නමක් පස් සට සැගව තිබී හමු වූ බව ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයාට දැනුම් දීමෙන් පසු 7 වන දින උදෑසන මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය භාර පුරා විද්‍යා නිලධාරීන් විසින් මෙම බුදු පිළිම වහන්සේ මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය වෙත වඩමවන ලදි.