තරිදු ජයවර්ධන
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටද ඉදි කරද්දී කණු මතින් ඉදි නොකිරීම නිසා දැඩි පාරිසරික බලපෑමක් සිදුවන බව හා ඉඩම් අත්පත් කර ගැනීමේදී හරිආකාරව වන්දි පිරි නොනැමූ බව කියමින් කුරුණෑගල ප්‍රදේශවාසීහු පිරිසක් අද (06) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළහ.
පාරිසරික හානිය අවම වන අයුරින් අධිවේගී මාර්ගය ඉදි කරන ලෙස නිර්දේශ කරන ලෙසත්, ඉඩම් අත්පත් කර ගැනීමේදී සාධාරණ වන්දි මුදලක් ගැවන ලෙසත් කුරුණෑගල ගම්මාන 20ක් නියෝජනය කරන පිරිසක් සමඟ සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ වෑකඳවල රාහුල හිමියන් කරන ලද පැමිණිල්ලේ සඳහන්වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්, කුරුණෑගල ප්‍රාදේශීය ලේකම්, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ අලව්ව පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් එම පැමිණිල්ලේ වගඋත්තරකරුවෝ ලෙස නමු කරනු ලැබ සිටිති.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධියර වන මීරිගම සිට කුරුනෑගල දක්වා කොටස සම්පූර්ණයෙන් කණුමතින් ඉදි කරන බව බලධාරීන් මුලින් කී බවත්, එම යෝජනාව ඉවත් කර දැන් පස් පිරවූ වේල්ලක් මතින් මාර්ගය ඉදි කිරීම ආරම්ඊ කර ඇති බවත්, මේ නිසා දැඩි පාරිසරික හානියක් මෙන්ම කුඹුරු ගොඩවීමෙන් ජීවනෝපායේ ප්‍රශ්නද ඇති වන බවත් පැමිණිල්ලේ සහන් වේ. ඉඩම් පවරා ගැනීමේදී ඇතැමුන්ම වන්දි ලබා දී නැතැයි ද, සමහරුන් පර්චස් සියයකට රුපියල් තුන් ලක්ෂයක් වැනි අවම මුදලක් දී ඇතැයි ද ප්‍රදේශවාසීහු කියති.

