(මනෝප‍්‍රිය ගුණසේකර )
බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට තමන් බොරු කී බව පර්පචුවල් ටේරෂරීස් සමාගමේ තාක්‍ෂණ අංශ ප‍්‍රධානී සචින්ද්‍ර දේවතන්ත‍්‍රී මහතා පිළිගෙන ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා බැඳුම්කර කොමිසමට අද (30) දැනුම් දුන්නේය.
මීට පෙර දින මෙම කොමිසම හමුවේ හෙළි වු කරණු සම්බන්ධයෙන් දේවතන්ත‍්‍රී මහතා කැඳවා ලබාගත් ප‍්‍රකාශයේදී ඔහු මේ බව පිළිගෙන ඇතැයි ද ලිවේරා මහතා දැනුම් දුන්නේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ තාක්‍ෂණික ප‍්‍රධානි සචින්ද්‍ර දේවතන්ත‍්‍රී මහතාගෙන් කොමිසමේ විර්ශන නිලධාරීන් ලබාගත් ප‍්‍රකාශයේදී පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මුලින් තිබු ක‍්‍රමවේදය ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ටේරෂරීස් සමාගමේ බලපත‍්‍රය තහනම් කළ පසුගිය ජුලි 06 වැනිදා ඉවත් කොට එදින සිට නව පද්ධතියක් ස්ථාපනය කොට ඇති බව හෙළි කොට ඇතැයි කී ලිවේරා මහතා එම කරුණු සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ හෙළි වු කරුණු අනුව ඔහුගෙන් යළිත් වරක් ප‍්‍රකායක් ලබාගත් බවත් එහිදී තමන් මුල් අවස්ථාවේදී අසත්‍ය කරුණු පැවසු බව ඔහු පිළිගෙන ඇතැයි කීය.

