(ඉන්දිකා රාමනායක)
පොලිස් ස්ථානවල මෙතෙක් අඩුපාඩුවක්ව පැවති බීමත් රියදුරන් පරික්ෂා කරන නල 90,000 ක් අද (5) දිවයින පුරා පොලිස් ස්ථාන වෙත බෙදා හැරිය බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම උපකරණ බෙදා දීමෙන් පසු ඉදිරියේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කරන බවද පොලිස් මුලස්ථානය කියයි.

