බ්‍රිගේඩියර් දේශප්‍රියට ඇප නියම වෙයි


(ටෝනි කරුණානායක)

පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබූ හමුදා කණ්ඩායම බාරව සිටි යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන සහ යුද හමුදා සැරයන් ලලිත් ග්‍රේ යන දෙදෙනාට ඇප නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (31) නියෝග කළේය.

බ්‍රිගේඩියර්වරයාට මුදලින් රුපියල් ලක්ෂයක ඇපයක් සහ රුපියල් මිලියන තුන බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණ අතර සැරයන්වරයාට මුදලින් රුපියල් 50000ක ඇපයක් ද රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප දෙකක්ද නියම කෙරිණ.

සැම මාසයකම අවසන් ඉරිදා දින පෙරවරු 09.00ත් පස්වරු 05.00ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටද නියම කෙරිණ.

සැකකරුවන්ට විදේශ ගත වීමද තහනම් කෙරුණ අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය.

අධිකරණයට දැනුම් දීමකින් තොරව පදිංචිය වෙනස් නොකරන ලෙසට ද ඔවුන්ට නියම කෙරිණ.