(ඩයනා උදයංගනී)
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට අවශ්‍ය සංශෝධන බස්නාහිර පළාත් සභාවේ මතය විමසන දිනට පෙර ලබා දෙන බවට ජනාධිපතිවරයා තමන්ට පොරොන්දු වූයේ යැයි පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ මතය විමසන සැප්තැම්බර් 4 වැනිදාට පෙර අදාළ සංශෝධන ලිඛිතව ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද මහ ඇමතිවරයා කියයි.
සියලූ පළාත් සභාවල මැතිවරණය එකම දිනයක පැවැත්වීම සම්බන්ධව තමාගේ විරුද්ධත්වයක් නැති බව ඒ මහතා පවසයි.
එහෙත් මහ ඇමතිවරයා, ආණ්ඩුකාරවරයා හා ජනාධිපතිවරයාට පළාත් සභා සම්බන්ධව ඇති බලතල පාර්ලිමේන්තුවට පවරමින් මෙහි යොදා ඇති ඇතැම් වගන්ති සංශෝධනය විය යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.
එම වගන්ති සම්බන්ධයෙන් තමා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා සමඟ ද දුරකථනයෙන් සාකච්ඡා කළ බවත් පවසයි
දේවප‍්‍රිය මහතා මේ බව පැවසුවේ කොළඹ ශ‍්‍රාවස්තියේ පිහිටි ප‍්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

