(බුද්ධික කුමාරසිරි)
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී සෝමසිරි මහතාට අයත් නිල රථය හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඒ මහතාගේ නිවස ඉදිරිපිටදී අද(31) උදෑසන ගිනි ගෙන විනාශ වී ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර කර්යාලයට අයත් නිල රථය මාස කිහිපයක සිට අලුත්වැඩියා කටයුත්තක් සඳහා යොමු කර ඇති බැවින් ආණ්ඩුකාර ලේකම්වරයාගේ පරිහරණය සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් කැබ් රථයක් ලබා දී තිබූ අතර එම රථය මෙලෙස ගිනි ගෙන විනාශ ඇති බවද පොලිසිය කියයි.
සෝමසිරි මහතා කාර්යාලයට යාමට සූදානම් වූ අවස්ථාවේදී ඒ මහතාගේ රියදුරු රථය පණ ගන්වා ඇති අතර ඒ අවස්ථාවේදි එක් වරම රථය ඇතුළින් ගින්නක් හට ගෙන ඇති බවත් ඉන් පසු ක්ෂණිකව සම්පූර්ණ රථයම ගිනි ගත් බවත් කියති.



