බස්නායක නිළමේ අයින් කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලති


(කේ.ඩී දේවප්‍රිය)

රුහුණු කතරගම මහ දේවාලයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට විරෝධය පළකරමින් කතරගම ප්‍රදේශවාසීහූ පිරිසක් අද (26) එම දේවාලයේ බස්නායක නිළමේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් කළහ.

පසුගිය 22 වැනි දා කතරගම මහ දේවාලයේ යතුරු බලහත්කාරයෙන් රැගෙන නිළමේ වලව්වෙහි තබාගෙන සිටි අතර එදින අලුයම පූජාව නොපැත්වූ බවත් එලෙස බාධාකිරීම නිළමේවරයාට කිසිසේත් නොවටිනා කාර්යයක් බවත් ඔවුහු කීහ.

විරෝධතාකරුවෝ බස්නායක නිළමේ වරයා ඉවත් කරන්නැයි දෙවියන්ගෙන් ඉල්ලමින් දේවාලය ඉදිරිපිට පොල් ගසා කන්නලව්වක්ද කළහ.

බස්නායක නිළමේවරයකුගේ ධූරයට නුසුදුසු අන්දමින් හැසිරෙන මොහු ඉවත් කළ යුතු බව විරෝධතාකරුවෝ පවසති.