බස් - වෑන් අනතුරෙන් 13ක් රෝහලේ


(මොහොමඞ් බුහාර්ඩින්)

දඹුල්ල - කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර කොස්කැලේ ප‍්‍රදේශයේදි බස් රථ දෙකක් හා වෑන් රථයක් අද (09) අලුයම එකිනෙක ගැටී පෙර පාසල් සිසුන් තිදෙනකු ඇතුළු 13 දෙනකු තුවාල ලබා රොහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

ඹවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රොහල් ආරංචි මාර්ග පවසයි.

කැකිරාවේ සිට කොළඹට චාරිකාවක් යමින් තිබූ පෙර පාසැල් සිසුන් රැගත් බස් රථයක් , කන්තලේ සිට කොළඹට රෝගියකු රැගෙන යමින් තිබු වෑන් රථයක් හා කොළඹ - පොලොන්නරුව බස් රථයක් එකිනෙක ගැටිමෙන් මෙම අනතුර සිදුවි ඇත.