(මනෝප්‍රිය ගුණසේකර)
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන අර්ජුන් ඇලෝසියස්ට ලබන බදාදා (13) කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස බැඳුම්කර කොමිසම අද(11) ඔහුට නියම කළේය.
බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙන ලෙස තම සේවාදායකයාට බල කිරීමට හැකියාවක් නොමැති බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මතු කළ මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් කොමිසම එලෙස නියම කළේය.

