පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට පොලිසියේ 1000ක්


(ඉන්දිකා රාමනායක)

ශි‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර  හෙට (31)  කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ  පැවැත්වෙන  තරගයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

මෙම පිරිස අතර කැරලි මර්දන කණ්ඩායම් ද සිටින බව පොලිසිය කියයි.

මහනුවර පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේ දී  ප්‍රේක්ෂකයින්  පිරිසක්  විරෝධය දක්වමින්  ක‍්‍රීඩාංගනය වෙත බෝතල් ප‍්‍රහාර එල්ල කර නොසන්සුන්කාරි ලෙස හැසිරුණූ අතර එවැනි තත්ත්වයක් වලක්වා ගැනීමට මෙම තීරණය ගත් බව පොලිස් මුලස්ථානය කියයි.

ක්‍රීඩා පිටිය වෙත නොයෙකුත් ද්‍රව්‍ය  විසි කිරිම ප්‍රේක්ෂකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කර  ඇති බවත් එවැනි ක්‍රියාවන්ව නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට  ක්‍රියා කරන බවත් පොලිසිය කියයි.

මෙවැනි ක්‍රියාවල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට  ක්‍රිඩාංගණයේ සෑම ස්ථානයක්ම ආවරණය වන පරිදි සිසිටීවී පද්ධතියක් ද ස්ථාපිත කර  ඇත. සාමකාමීව තරගය නරඹා සාමය ආරක්ෂා කිරිමට සහය වන ලෙස පොලිසිය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියි.