(නිමල කොඩිතුවක්කු / ඡායාරූපය - ශාන්ත රත්නායක)
පාසල් ළමුන් සදහා ඉදිරි වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් බෙදාදීමේදී එම විෂයට අදාළ සීඩී තැටියක් බෙදාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අධ්‍යාපන නවීකරණ වැඩපිළිවෙල යටතේ මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.


