වයස අවුරුදු පහ සිට 19 දක්වා මිලියන 4.5ක් වූ පාසල් සිසුන් සියලු දෙනාට රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණාවරණයක් බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජයේ 2017 අයවැය මගින් රුපියල් මිලියන 2700ක් වෙන් කරනු ලැබ තිබේ.
මෙමගින් බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 10 000ක් සහ රෝහල්ගත වීමකදී රුපියල් 100 000ක් දක්වා ආවරණයක් සැලසෙනු ඇත.
පාසල් සිසුවකුගේ හදිසි මරණයකදී දෙමව්පියන්ට රුපියල් ලක්ෂයක් ලැබෙනු ඇති අතර පාසල් සිසුවකුගේ මවගේ හෝ පියාගේ හදිසි මරණයකදී පාසල් දරුවාට රුපියල් 75000ක් ද මෙමගින් ලැබෙනු ඇත.
සිසුවකු පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වීමේදී රුපියල් ලක්ෂයක් ද අර්ධ ආබාධිත තත්ත්වයකදී රුපියල් 50000 සිට රුපියල් ලක්ෂය දක්වාද වන්දි ලබාගත හැක.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2 348ක වාර්ෂික වාරිකයට යටත්ව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් මෙම රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

