පළාත් පාලන සංශෝධන පනතට විරුද්ධව පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන) සඳහා වන පනත අභියෝගයකට ලක් කරමින් සමෘද්ධි නියාමකවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(30) පෙත්සමක් ගොනු කෙරිණි.

මෙලෙස පෙත්සමක් ගොනු කරනු ලැබුවේ ඉකුත් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු සහ සමෘද්ධි නියාමකවරයෙකු වන ටී.ඊ. නීල් ශාන්ත මහතා විසිනි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පළාත් පාලන ඇමති ෆයසිර් මුස්තාපා , මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය , එහි සාමාජිකයින්  ,නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටින්නේ අදාළ පනත ,කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ දෙවැනිවර කියැවීමේදී ඇතළත් නොවූ වගන්ති තෙවැනිවර කියැවීමේදී ඇතුළත් කර ඇති බවය.

එලෙස වගන්තීන් ඇතුළත් කිරීමෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන අයට විශාල අසාධාරණයක් බවද පෙත්සමෙහි සඳහන් වේ.

එබැවින් එම පනත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන්නැයිද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.