පළාත් පාලන කෙටුම්පතට කථානායක අත්සන 15ට පෙර


(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තුවේ දී ඉකුත් 25වැනිදා සම්මත කෙරුණු පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පතට සැප්තැම්බර් 15වැනිදාට පෙර කතානායකවරයාගේ අත්සන තබන බව කතානායක කාර්යාලය පවසයි.

සැප්තැම්බර් 15 වැනිදාට පෙර කතානායක අත්සන තැබුවහොත් මේ වසරේ පුංචි ඡන්දය පැවැත්විය හැකි බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කළ ප්‍රකාශය ගැන කතානායකවරයාගේ විශේෂ අවධානය යොමුව ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.