(සෙනරත් බණ්ඩාර)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයකුට විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
සේවක මහතාට පහර දීමට විරෝධය පළ කරමින් අද(7) සමස්ත විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය වැඩවර්ජනයක යෙදී සිටින අතර එම හේතුවෙන් සරසවි සිසුන්ගේ අධ්‍යයන කටයුතු කරගැනීමට දේශනශාලා විවෘතව නොතැබිණි. මේ හේතුවෙන් දේශනවලට සහභාගි වීමට අවස්ථාව නොලැබී ඇති අතර දින නියම කරගත් විභාග කීපයක් පමණක් පවැත්වෙන බවත් එයට සහයෝගය දක්වන බවත් අනධ්‍යන සේවක වෘත්තිය සමිති එකමුතුවේ ලේකම් රුවන් කුමාර මහතා පැවසීය.
පහරදීම සම්බන්ධයෙන් වැඩවර්ජනයේ යෙදී සිටින සේවක සංගම් සහ මහා ශිෂ්‍ය සංගමය සමග උපකුලපති මහාචාර්ය උපුල් බි දිසානායක මහතා සාකච්ඡාවක් පැවැත්වූ අතර මහා ශිෂ්‍ය සංගමය එම පහරදීම හෙළා දැක ඇති අතර පහරදුන් සිසුන් සොයා පාලනාධිකාරිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශ විය.





