පර්පචුවල් තොරතුරු තාක්ෂණ විධායකට විශේෂ ආරක්ෂාවක්


මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු කාක‍ෂණ විධායක සචින්ද දේවතන්ත්‍රී මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස බැඳුම්කර කොමිසම අද (07) පොලිසියට නියෝග කළේය.
 
පැමිණිල්ලේ සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු වලට සහය වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොමිසම එලෙස නියම කළේය.
 
කොමිසමට ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කළ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තොරතුරු  තාක්ෂණ විධායක සචින්ද දේවතන්ත්‍රී මහතාට වින්දිතයින් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ පණත යටතේ විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නැයි ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.