(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වු පරිගණකය බැඳුම්කර කොමිසමේ කටයුතු විමර්ශනය කරන රහස් පොලිස් නිලධාරීන්ගේ බාරයට ගෙන ඇතැයි අද (29) කොමිසම හමුවේ අනාවරණය විය.
කොමිසමේ නියෝග මත අදාළ පරිගණක පද්ධතියේ තොරතුරු සොයා බැලීමේදී පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා තිබු ක‍්‍රමවේදයට අදාළ පරිගණකය මේ වන විට ගලවා දමා ඇති හෙයින් එහි දෘඩ තැටියෙහි ඇති අමතර පිටපත්වල අවශ්‍ය දත්ත පිටපත් තිබිය හැකි බව අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මුලින් තිබු ක‍්‍රමවේදය ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ටේරෂරීස් සමාගමේ බලපත‍්‍රය තහනම් කළ පසුගිය ජුලි 06 වැනිදා ඉවත් කර එදින සිට නව පද්ධතියක් ස්ථාපනය කර ඇති බවද අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසමට දැනුම් දුන්නේය.

