නිශ්ශංක සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට නොතීසි


 මනෝප්‍රිය ගුණසේකර  
 
නාවික හමුදාව විසින් සිදු කළ මුහුදු ආරක්ෂක සේවාවක් පෞද්ගලික අංශයට පැවරීම සඳහා  කුමන්ත්‍රණකාරීව    රුපියල් ලක්ෂ 355ක අල්ලසක් හුවමාරූ කර ගන්නා ලද බවට චෝදනා ලැබ සිටින ඇවන්ඩ් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති පාලිත ප්‍රනාන්දු  මහත්වරුන්ට ලබන සැප්තැම්බර් 19 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්  ගුරුසිංහ මහතා අද  නියම කළේය.
 
 චෝදනා 47ක් යටතේ අල්ලස් කොමිසම  විසින්  විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට   දැනුම්   දෙමින්   මෙලෙස   සිතාසි නිකුත් කළේය.