නිවිතිගල සමූපකාරයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවයි


(අජිත්ලාල් ශාන්තඋදය සහ ආරියරත්න මාමුහේවා)

සීමාසහිත නිවිතිගල විවිධ සේවා සමූපාකර සමිතියේ වත්මන් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසිරුවා හැර එහි පාලනයට අද (27) සිට ති‍්‍රපුද්ගල කමිටුවක් පත් කිරීමට සබරගමු පළාත් සමූපාකර කොමසාරිස්වරයා පියවර ගෙන ඇත.

එසේ පත් කරන ද ත‍්‍රිපුද්ගල කමිටුව අද එහි ගොස් වැඩබාරගත්තේය. එම කමිටුවේ සභාපතිවරයා වන්නේ හිටපු සබරගමු පළාත් ප‍්‍රධාන ඇමති මහීපාල හේරත් මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කටයුතු කළ පාලිත වික‍්‍රමසිංහ මහතාය. පළාත් සභාවේ නිල කාලය ඊයේ (26) මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වූ අතර පෞද්ගලික කාර්ය මණ්ඩල ද ඒ අනුව අහෝසි විය.

සෙසු සාමාජිකයන් වන්නේ ෂර්ලි පෙරේරා සහ සදීප වීරකෝන් යන මහත්වරු දෙදෙනායි. සමූපකාර ප‍්‍රඥප්තියේ ප‍්‍රතිපාදන යටතේ පැවැත්වූ පරීක්‍ෂණයකින් පසුව අධ්‍යක්‍ෂ මණ්ඩලය විසුරුවා හරිනු ලැබු බව පළාත් සමුපතාර කොමසාරිස් කාර්යාලය කියයි. ඊයේ (26) සිය පස් අවුරුදු නිල කාලය අවසන් වීමට පෙර මෙම ත‍්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට හිටපු මහ ඇමතිවරයාගේ නිර්දේශය ද ලැබී ඇති බව එම කාර්යාලය කියයි.

පසුගිය කාලයේ එම සමිතියේ පාලනය සම්බන්‍ධයෙන් විවිධ ගැටලූ මතුව තිබුණි. එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිල කාලය අවසන් වන්නට තව වසර එකහමාරක කාලයක් තිබිණි.

කඩා වැටටීමට ලක්ව ඇති බව කියන සමිතිය ගොඩ ගැනීම නව ත‍්‍රිපුද්ගල කමිටුව වෙත පැවරෙන වගකීමකි. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ගැටලූවක් නිසා පසුගිය කාලයේ මෙම සමිතියේ මහ සභා රැස්වීම් පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ද ඇතිවි තිබුණි.