නිධන් හාරන්න ගියැයි 10ක් සැකපිට


ජයරත්න වික්‍රමාරච්චි සහ  ජූඩ් සමන්ත
 
නවගත්තේගම පොලිස් වසමට අයත් රච්චිරාගම ප්‍රදේශයේ තරණගොඩ කොහොඹයාය රක්ෂිතය තුළට නීති   ඇතුළු වී නිධන් බව කියන පුද්ගලයන් දස දෙනෙකු   සැකපිට අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.

සැකකරුවන් සමග   යකඩ ඉන්නක්, ගල් විදින කටු 05ක්, කුළුගෙඩි 02ක්, යවුලක්,උදැල්ලක්, පිහියක්,පිත්තල ත්‍රිශූලයක්, යන්ත්‍රමන්ත්‍ර සඳහන් පොත් පත්, නයිලෝන් කඹයක්, සහ මල්බුලත් තට්ටුවක් ඇතුළුව පූජා භාණ්ඩ විශාල තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.