(සිතුම් චතුරංග)
යාපනය කයිට්ස් කෝවිලන්තුඩුව මුහුදේ ධිවර කටයුතු වල යෙදී සිටි ධීවර බෝට්ටුවක් නාවික හමුදා යත‍්‍රාවක ගැටී පුද්ගලයකු සෙනසුරාදා (30) රාත‍්‍රියේ මියගොස් ඇතැයි කයිට්ස් පොලිසිය පවසයි.
යාපනය එළාර නාවික හමුදා කඳවුරේ සිට කරෙයිනගර් මුහුදු තීරයේ රාත‍්‍රි මුරසංචාරයේ යෙදී සිටි නාවික හමුදාවට අයත් ඩෝරා වර්ගයේ යාත‍්‍රාවක් මෙලෙස ධීවර බෝට්ටුවෙහි ගැටී තිබේ.
අනතුරින් තුවාල ලැබූ තවත් අයකු යාපනය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පවසයි.
අනතුරින් නාවික හමුදා නිලධාරීන්ට කිසිදු අනතුරක් වී නැතැයි පොලිසිය කියයි.

