දේශීය ආදායම් සේවකයෝ වර්ජනයක


(ජයන්ත සමරකෝන්)

නව දේශීය ආදායම් සංශෝධිත පනත් කෙටුම්පතට සිය යෝජනා ඇතුළත්කර නොමැති බවට චෝදනා කරමින් ඊට එරෙහිව අද(6) දහවල් 12 සිට පස්වරු 4 දක්වා සහ හෙට දවස මුළුල්ලේ සේවයෙන් බැහැරව විරෝධය පළ කරන ව දේශීය ආදායම් සේවා සංගමය පවසයි.

කොටුව ප්‍රධාන කාර්යාලය ඇතුළුව දිවයිනේ සියලු ප්‍රාදේශීය කාර්යාලවල මෙම විරෝධතා ක්‍රියාත්මක බවද එම සංගමයේ සමලේකම් එච්.ඒ.එල්.උදයසිරි මහතා පවසයි.