දෙසැම්බර් මුල ඡන්දයකට විභාග කොමසාරිස් විරුද්ධ වෙයි


(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් මස මුල පැවැත්වීමෙන් සාමාන්‍ය පෙළ විභාගයට බාධා ඇතිවිය හැකි හෙයින් ඊට විරෝධය දක්වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා මැතිවරණ කොමිසමට දන්වා තිබේ.

සාමාන්‍ය පෙළ විභාගයේ මූලික කටයුතු දෙසැම්බර් 09 වැනි දා සිට ආරම්භ වන අතර විභාගය 12 වැනි දා ආරම්භ වේ.

මැතිවරණය ඊට පෙර දිනයක පැවැත්වූවද පශ්චාත් මැතිවරණ කටයුතු නිසා විභාගයට බාධා විය හැකි බවද විභාග කොමසාරිස්වරයා ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පූෂ්පකුමාර මහතා මැතිවරණ කොමිසමට දන්වා ඇත.