(මහින්ද නිශ්ශංක,ඡායාරූප - ගයාන් අමරසේකර)
වසර 16 කට පසුව අංග සම්පුර්ණ දුම්රිය කාලසටහන අත්පොතක් ලෙස මුද්‍රණය කොට මගී ජනතාව වෙත ලබාදීමට දුම්රිය ගමනාගමන අධිකාරි කාර්යාලය පියවර ගෙන ඇත. දුම්රිය කාලසටහන් අත්පොත එළිදැක්වීම අද (25) සිදු කැරිණි.
දුම්රිය සාමාන්‍යාධිකාරි බී.ඒ.පී.ආරියරත්න මහතාගේ සංකල්පයක් අනුව දුම්රිය කාලසටහන් පොත ජනතාව වෙත ලබාදේ. ලබන 28 වැනි දා සිට මෙම පොත රුපියල් 150 කට සියලුම දුම්රිය ස්ථාන වලින් මිලදී ගත හැකි බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.




