දිස්ත්‍රික්ක හතරකට අනතුරු ඇඟවීමක්


(ඩයනා උදයංගනී)

වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත‍්‍රික්ක හතරක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි..

ඒ අනුව කළුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල, යන දිස්ත‍්‍රික්කයන්හි මෙම නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

කළුතර දිස්ත‍්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, පාලින්දනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ, කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ රත්නපුර දිස්ත‍්‍රික්කයේ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ ගාල්ල දිස්ත‍්‍රික්කයේ නෙළුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය   සඳහා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

එබැවින් මෙම ප‍්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.