(ප්‍රසාද් මුතුකුඩ)
තම 14 හැවිරිදි දියණිය දූෂණය කළ බව කියන මීගමුව දාගොන්නේ පියාට ඇප ලබානොදෙන ලෙස ඉල්ලමින් ගම්වාසීහු අද(6) මීගමුව අධිකරණය ඉදිරිපිට නිහඬ උද්ඝෝෂණයක් කරති.
සැකකරු අද දෙවැනි වරටත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිය දියණිය දූෂණය කිරීමට ඔහුගේ අනියම් බිරියද ඔහුට උදව් කර ඇතැයි කියති. මේ නිසා ඔහුට දැඩි දඬුවම් දිය යුතු බවත් ඇප ලබානොදිය යුතු බවත් උද්ඝෝෂකයෝ කියති.


