දඹුල්ලේ බස් - වෑන් අනතුරින් අයෙක් මරුට - 12කට තුවාල


(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල මාතලේ  ප්‍රධාන මාර්ගයේ පන්නම්පිටියේ දී අද(3) වෑන් රියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

 තුවාලකරුවන් සියලු දෙනාම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. ඔවුන්ගෙන් හය දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක්  හා ත්‍රිකුණාමලය සිට  මහනුවර බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය තක්ක  නගර් පදිංචි ජස්මින්  පාහිර් ( 38) කාන්තාවක් බව පොලිසිය කියයි.