(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගර මධ්‍යයේදී පසුගියදා පොලුවලින් පහරදී ඝාතනය කර තිබූ තරුණයාගේ ඝාතකයා අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලීසිය කියයි. මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සේවය කළ කම්කරුවෙක් බවද පොලිසිය කියයි.
ඝාතනය සිදුවූ ස්ථානයේදී සොයාගත් අත් ඔරලෝසුව සහ ජංගම දුරකථනය ඔස්සේ කළ පරීක්ෂණයකදී ඝාතකයාගේ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
37 හැවිරිදි මෙම සැකකාර තරුණයා කන්තා ඇඳුමින් රාත්‍රී කාලයේ සැරිසරන මියගිය තැනැත්තා සමග කුළුපගව සිටි පුද්ගලයෙකු බවත් මීට දින ගණනාවකට පෙර ඔහු සතුව තිබූ රුපියල් 35,000 ක මුදලක් සොරාගැනීම නිසා සිත් වේදනාවෙන් සිටි බවත් අනාවරණය වූ බව පොලිසිය කියයි.
පසුගියදා දඹුල්ල නගරයේදී රාත්‍රී කාලයේ මියගිය පුද්ගලයා හමුවී පහරදීම කළ බව සැකකරු පොලිසියට පාපොච්චාරණය කර තිබේ. මෙම පුද්ගලයා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සැලක කම්කරුවෙකු ලෙස සේවය කරයි.
සැකකරු හෙට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලීසිය කියයි

