(විනීතා එම් ගමගේ)
කිරිඇල්ල ප‍්‍රදේශයේ දී පෙරළුණු තෙල් බවුසරයෙන් කළු ගඟට තෙල් මුසුවීම නිසා කඳන ජල පවිත‍්‍රාගාරයෙන් ජලය ලබාගන්නා ප‍්‍රදේශවලට ජල සැපයුම නතර කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන ඇත.
ඉදිරි පැය කිහිපයේ දී කෙත්හේන ජල පවිත‍්‍රාගාරය ද වසා දැමීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
කිරිඇල්ල ප‍්‍රදේශයේ දී අද (1) අලූයම තෙල් බවුසරයක් පෙරලී තෙල් කළු ගඟට එකතු වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
මේ නිසා හොරණ පානදුර කළුතර ආදී ප‍්‍රදේශවලට ජල සැපයුම අත් හිටුවා ඇති බවත් තෙල් සහිත ජලය ඉවත්වන තුරු ජල පවිත‍්‍රකරණය නොකිරීමට මණ්ඩලය තීරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් මහතා සඳහන් කළේය.
යම් හෙයකින් තෙල් මුසු වූ ජලය පවිත‍්‍ර කළහොත් පවිත‍්‍රාගාරය පිරිසිදු කිරීමට වෙනමම පිරිවැයක් හා කාලයක් වැය වන බවත් ඒ නිසා හොඳම පියවර ලෙස පවිත‍්‍රාගාර වසා දැමීමට කටයුතු කළ බවත් අන්සාර් මහතා ප‍්‍රකාශ කළේය.

