තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් ) අවසන් වාර්තාව අභියෝගයට ලක්කරමින් නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාව පාලිත හිමියන් විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18 ) තීන්දු කළේය.
අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් , අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (18) කැඳැවිණි.
බැඳුම්කර වංචාව පිළිබඳ කොප් වාර්තාවේ යම් යම් සොයා ගැනීම් හා අවසන් නිර්දේශයන් නොගැලපීම් ,පරස්පරවිරෝධී හා පයන් එමඟින් තමන්ගේත් , මහජනතාවගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුව ඇති බව ප්‍රකාශ කරන්නැයිද මෙම පෙත්සමින් ඉල්ලා ඇත.

