තාත්තයි පුතයි මැරීයැයි පියපුතු දෙදෙනකුත් රිමාන්ඩ්


ටෝනි කරුණානායක

සරුංගලයක් සම්බන්ධ ආරවුලක් නිසා මිනුවන්ගොඩ ගමන්ගෙදර තාත්තා කෙනකු සහ පුතකු මරා දැමීයැයි සැකපිට එම ප්‍රදේශයේම පිය පුතු දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ලබන හය වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සිසිර විජේසූරිය මහතා නියෝග කළේය.