( ටී.කේ.ජී.කපිල )
දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් ෂූමා මහතා චීනයේ පැවැත්වෙන "බ්‍රික්ස්" සමුළුවට සහභාගි වීමට යන අතරතුර ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ජනපතිවරයා ඇතුළු දූත පිරිස දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටි අතර එම යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර ලබා ගැනීමෙන් අනතුරුව යළි අද අලුයම 1.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියහ .

