ජාතික ආර්ථික සභාව 12 වැනිදා රැස්වේ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත් කරන ලද ජාතික ආර්ථික සභාව ලබන 12 වැනි දා පළමු වරට රැස්වීමට නියමිතය.

එළැඹෙන වැසි සමයත් සමග කෘෂිකාර්මික සංග‍්‍රාමයක් සඳහා රටම සුදානම් කිරීම මෙහි අරමුණ වී ඇත.

ඒ අනුව ඔක්තෝම්බර් මස පළමු සතිය ජාතික ගොවි සතිය  බවට ප‍්‍රකාශයට පත්කරීමට නියමිත අතර අතර මුළු රටම ඒකරාශිකරගත් පුළුල් කෘෂිකර්ම වැඩසටහනක් එම සතියේදී කි‍්‍රයාවට නැංවීමට සැළසුම්කර තිබෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේය. මෙම කෘෂිකර්ම වැඩපිළිවෙළ යටතේ කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 08 ක් වගා කිරීම සිදු කෙරෙන අතර ඒ සඳහා අවශ්‍ය බිත්තර වී බුසල් හතළිස් ලක්ෂයම රජය විසින් ගොවි ජනතාවට ලබාදීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව මෙම වැඩසටහන සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙයි.

044