ජල බිල වැඩි කළ යුතු බව ඇමැති හකීම් කියයි


(විනිතා එම් ගමගේ)
 
ජල බිල ජනතාවට බරක් නොවන පරිදි සුළු ප්‍රමාණයකින් හෝ වැඩි කිරීම පිළිබඳව රජය කළ්පනා කළ යුතුව ඇතැයි නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවැසීය. 
 
කෙසේ වෙතත් මණ්ඩලය ජල ඒකකයක් පිරිසිදු කොට ලබා දීමේ දී වැය වන මුදල ලබා ගත නොහැකි යැයි ද අමාත්‍යවරයා කීය. මේ වනවිට අයකරන්නේ ජල ඒකකයක් පිරිසිදු කොට ලබා දිමේ දී වැය වන මුදලින් හතරෙන් එකක් පමණකැයි කී හකීම් මහතා දිනපතා ජලය ටොන් 600 ක් අඹතලේ සිට කොළඹට නල මඟින් ගෙන එන බව ද පැවැසීය. 
 
ඉදිරියේ දී ජල ගාස්තු වැඩි වුවත් සමෘද්ධි ලාභින්ට එය බල නොපාන පරිදි කටයුතු කිරීමට රජය වග බලා ගන්නවා ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.