(රංජන් කස්තුරි)
මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධය දැක්වීම සඳහා ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලියට සහය දැක්වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (12) සිට සිව් දින වැඩවර්ජනයක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇත.
ජනපවුර සංවිධානය මගින් පවත්වන රථ පෙළපාලිය හෙට (12) යාපනය සහ තිස්සමහාරාමය යන දිස්ත්‍රික්ක වලින් ආරම්භ කිරිමට නියමිත අතර එය දින හතරක් පුරා ගමන් කර 15 වැනි දා කොළඹට ළඟාවීමට නියමිතය.
ඒ අනුව රථ පෙළපාලියට සහය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු යාපනය, ත්‍රිකුණාමලය,මඩකලපුව, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වැඩවර්ජනයේ නිරත වන බව වෛද්‍ය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.
වවුනියාව,මාතලේ,අම්පාර,බදුල්ල,මොනරාගල සහ මාතර දිස්ත්‍රික්කවල 13 වැනි දාත් අනුරාධපුරය, කුරුණෑගල,මහනුවර,රත්නපුර, සහ ගාල්ල දිස්ත්‍රික්කවල 14 වැනි දා වැඩ වර්ජනය සිදු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

