(තිළිණි ද සිල්වා)
යුද අපරාධ සිදු කළායැයි චෝදනා යටතේ බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතා එරෙහිව දකුණු ඇමෙරිකා රටවල් හයක මානව හිමිකම් සංවිධාන කිහිපයක් එක්ව නඩු පැවරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශයට කිසිදු නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප‍්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මෙනවිය ලංකාදීපයට අද (30) පැවසුවාය.
එසේම බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ජනරාල් ජගත් ජයසූරිය මහතාගේ දෙවසරක නිල කාලය මේවන විට අවසන්ව ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශිකාව වැඩිදුරටත් කියා සිටියාය.
ඒ අනුව සිය සේවා කාලය අවසන් වීමත් සමඟ ජනරාල් ජගත් ජයසූරිය මහතා මේවනවිට එරටින් පිටව අද (30) දිනයේ යළි දිවයිනට පැමිණි බව මහිෂිනී කොළොන්නේ මෙනවිය කිවාය.
ඉකුත් 2015 වසරේදී ජනරාල් ජගත් ජයසූරිය මහතා බ‍්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරුණු අතර ඊට අමතරව ඔහු කොළොම්බියාව ,පේරු ,චිලී ,ආර්ජන්ටිනාව සහ සූරිනේම් යන රටවල් හීද ශ්‍රී ලංකා තානාපති ධූරයේ කටයුතු කළේය.

