ගීතා සුව අතට


(විනීතා එම් ගමගේ)

පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත කර සිටින සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව ලංකා හොස්පිටල් හි වෛද්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් එස් රත්නප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.

පිළිස්සුම් තුවාලවලට විෂබීජ යෑම වැලැක්වීමට මෙන්ම අමුත්තන් විශාල පිරිසක් පැමිණීම වැලැක්වීමටත් ඇය තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරන බවත් හෙතෙම පැවසීය.

සුව අතට හැරෙමින් සිටින ඇයට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටින්නට සිදුවනු ඇතැයි වෛද්‍ය රත්නප්‍රිය මහතා  කියයි.

නාවල පිහිටි සිය නිවසේදී ගෑස් නලයක ගෑස් කාන්දුවක් නිසා  උදුනක ඇතිවූ ගිනි කාන්දුවකින් දෑතෙහි සහ පාදයක ද පිළිස්සුම් තුවාල ලබා ඇති කුමාරසිංහ මහත්මියගේ හිස කෙස් ද එම අනතුරින් පිළිස්සී ගොස් තිබේ.