(අමල් වික්‍රමරත්න)
ගාල්ල,මඩකලපුව, පාසිකුඩා දක්වා පසුගිය 24 වැනි දා සිට ආරම්භ කළ මගී බස් රථවලට හම්බන්තොට , තණමල්විල සහ බුත්තල ප්‍රදේශ වලදී ගල් පහරවල් එල්ල කිරීම නිසා මගී ජීවිත අනතුරට පත්වී ඇතැයි එහි ගමන් ගන්නා මගීහු පවසති.
මහජන ඉල්ලීම් හමුවේ ගාල්ල සහ මඩකලපුව ඩිපෝ මගින් ආරම්භ කළ මෙම බස් සේවාව මගින් ගාල්ල, මාතර, හම්බන්තොට ආදී ප්‍රදේශවල සිට අග්නිදිග විශ්ව විද්‍යාලය,යුද,නාවික,ගුවන් හමුදා සාමාජිකයන් මෙන්ම විවිධ රැකියා වල නියුතු බොහෝ පිරිසකට ගමන් පහසුව සැලසිණි.
ඉකුත් 25 සහ 26 දෙදින ගාල ඩිපෝවේ බස්රථයට හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී ගුවන් පාලමක සිට ගලක් පෙරලීමෙන් මගී ජීවිත බේරී ඇත්තේ රියදුරාගේ දක්‍ෂකමින් බව ගාල්ල ඩිපෝ කළමනාකාර මහතා පැවසීය. සිද්ධියෙන් බස් රථයේ ඉදිරිපස සහ පැති වීදුරුවලට දැඩි හානි සිදුවී තිබිණි.
මෙවැනි පාඩු සහ අවදානම්වල වගකීම තමනට තනිව දැරීමට නොහැකි බවත් මෙම සේවාවලින් මේවන විට ලැබෙන මුදලට වඩා වැඩි අලාභයක් ඩිපෝවලට සිදුව ඇති බව බලධාරීහු පවසති.
පුද්ගලික බස්රථ මගින් එල්ලවන මෙම තර්ජන පිළිබඳව පොලිසිය ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක නොවීම පිළිබඳව මෙම බස් රිථවල නිතර ගමන් ගන්නා මගීහු චෝදනා කරති.
මඩකලපුව සිට කොළඹ දක්වා රාත්‍රී සහ දහවල් ගමන් වාර 12 ක ගමන් ගන්නා පුද්ගලික බස් රථ කිසිදු මාර්ග ධාවන බලපත්‍රයක් නොමැතිව ධාවනය කරන බවත් එම බස් රථ 6 ක් දහවල් කාලයේත් බස් රථ 6 ක් රාත්‍රී කාලයේදීත් ධාවනය බව මඩකලපුව ඩිපෝවේ බලධාරීහු කියති.



