(අමල් වික්‍රමරත්න)
ගාල්ල දිස්ත්‍රික්කයට අද (1) අලුයම 1.00 සිට 5.00 වන තෙක් පැවති වර්ෂාවෙන් වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශයට ලැබී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂක කර්නල් දම්පත් රත්නායක මහතා පවසයි.
නෙළුව ප්‍රදේශයට මි.මි.90ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත් සුළු සුළු සිද්ධීන් කිහිපයක් හැරෙන්නට අද (1) උදෑසන 7.00 වනතුරුත් බරපතල සිද්ධීන් වාර්තා නොවුබව ඔහු පැවසීය.
මේ අතර ගාල්ල නගරය අවට හැමූ සුළඟකින් සමුද්‍ර මාවතේ ගසක් ගාල්ල මාතර මහාමාර්ගයට කඩාවැටීමෙන් එක මංතීරුවක් අවහිරවී පැවතී අතර ගාල්ල සමුපාකාර රෝහලේ ඉදිරිපස වහලක් කඩාවැටීම හේතුවෙන් යතුරුපැදියකට අලාභ හානි සිදුවී ඇත.




